ටෙලිකොම් ලාභ බෙදයි

    April, 11, 2023

    කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත විදුලිසංදේශ සේවා සැපයුම් සමාගමක් වන ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී, 2022 දෙසැම්බර් 31 න් අවසන් මූල්‍ය වර්ෂය සඳහා ලාභාංශ ප්‍රකාශයට පත් කර තිබේ.

    ඒ අනුව එක් කොටසක් වෙනුවෙන් සත 25 ක ලාභාංශයක් ප්‍රකාශයට පත් කර ඇත. මෙය 2022 මූල්‍ය වර්ෂය වෙනුවෙන් අදාළ වන ප්‍රථම සහ අවසාන ලාභංශයයි.

    සමාගමේ ප්‍රකාශිත කොටස් ප්‍රාග්ධනය, සාමාන්‍ය කොටස් 1,804,860,000 කින් සමන්විත වේ.

    මේ අනුව කොටසකට සත 25 බැගින් කොටස්කරුවන් වෙත මුදාහරින මුළු ලාභාංශ වටිනාකම රු. මිලියන 451.21 කි.