ඩයලොග් එන්ටර්ප්‍රයිස් හා ගේට්වේ කොලේජ් හෙට දවසේ ව්‍යවසායකයන් දිරිමත් කිරීම වෙනුවෙන් ප්‍රථම වරට සංවිධානය කරන ‘InnovaThon 2021’ වෙත අනුග්‍රහය දක්වයි

    March, 14, 2022

    DigiEdu ආදර්ශ පාසල් වැඩසටහන යටතේ සංවිධානය කරනු ලැබූ ප්‍රථම වැඩසටහන ලෙස ‘InnovaThon 2021’ එළිදැක්වීම වෙනුවෙන් ඩයලොග් ආසිආටා හි ආයතනික විසදුම් අංශය වන ඩයලොග් එන්ටර්ප්‍රයිස්, ගේට්වේ කොලේජ් සමග අත්වැල් බැඳ ගන්නා ලදී. ඩයලොග් ආසිආටා හි  DigiEdu සහ IdeaMart කණ්ඩායම් විසින් සංවිධානය කළ මෙම නවතම සමාජ නවෝත්පාදන තරඟාවලිය සදහා ගේට්වේ කොලේජ්හි කොළඹ, මහනුවර හා මීගමුව නගරයන්හි පාසල් 5ක කණ්ඩායම් 200කට අධික සංඛ්‍යාවක් නියෝජනය කරමින් සිසු සිසුවියන් 800කට වැඩි පිරිසක් එක්ව සිටියහ.

    ලෝක පුරවැසිභාවය, හොඳම Gaming යෙදුම (Application ), වඩා නව්‍යකරණ අදහස සහ  හොදම කාන්තා කණ්ඩායම වශයෙන් කාණ්ඩ 4ක් යටතේ එම කණ්ඩායම් තරඟ කරනු ලැබූ අතර මාස 4ක කාලයක් පුරා පැවති දැඩි තරඟයකින් අනතුරුව අවසන් වටය සදහා කණ්ඩායම් 12ක්ද අවසන් මහා තරඟය සදහා කණ්ඩායම් 4ක්ද තෝරා ගන්නා ලදී. මෙහි අවසන් මහා තරඟයේ විශේෂත්වය වූයේ තරඟයේ යෙදෙන සිසු සිසුවියන් ඩයලොග් ශ්‍රවණාගාරයේදී තරඟයේ යෙදෙන අතරතුර ගුරුවරුන්, දෙමව්පියන් සහ අනෙකුත් සිසු සිසුවියන් සමාජ මාධ්‍ය ඔස්සේ සජීවීව එය නැරඹීමට එක්වීමයි.

    අවසන් තරඟයේදී ප්‍රේක්ෂකයන් විසින් ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ ලබා දුන් මනාපයන් හා ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ විනිශ්චය පදනම් කර ගනිමින් සමස්ත ශූරතාව හා ජනප්‍රියතම කණ්ඩායම තෝරා ගැනීම මෙහි විශේෂත්වයක් විය. මෙම තරඟාවලියත් සමග ගේට්වේ විද්‍යාල සිසු සිසුවියන් හෙට දවසේ ජාතික හා ජාත්‍යන්තර යෙදුම් (App) තරඟාවලි සදහා සහභාගී වීමටද සුදුසුකම් ලබාගැනීමට සමත් විය.

     

    ඡායාරූප - ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ ප්‍රධාන විධායක සුපුන් වීරසිංහ මහතා, ගේට්වේ ජාත්‍යන්තර පාසල් සමූහයේ සභාපති ආචාර්ය හර්ෂ අලස් මහතා, ගේට්වේ  සමූහයේ සහ ඩයලොග් සමාගමේ සෙසු නිලධාරීන් “InnovaThan 2021” හි ජයග්‍රාහකයන් සහ ඔවුන්ගේ ගුරුවරුන් සමඟ