ඩයලොග් රූපවාහිනී ග්‍රාහකයින් ප්‍රමාණය 500,000 පනී

    May, 17, 2015

    ගාස්තු අයකරන රූපවාහිනී අංශයේ මෙරට ප්‍රමුඛතම සමාගමක් වන ඩයලොග් රූපවාහිනියේ ග්‍රාහකයින් ප්‍රමාණය 500,000 සීමාව පසුකර තිබෙන බව අනාවරණය වේ.

    මේ අනුව, 2015 මාර්තු මාසය අවසන් විට ඩයලොග් රූපවාහිනී ග්‍රාහකයින් ප්‍රමාණය 504,000 ක්වී ඇත. සමාගම සඳහන් කරන්නේ මෙය ගිය වසරේ පළමු කාර්තුව සමග සැසඳීමේදී සියයට 05 ක වර්ධනයක් බවයි.

    ඩයලොග් රූපවාහිනිය විසින් 2015 පළමු කාර්තුව තුළදී රුපියල් මිලියන 139 ක ශුද්ධ ලාභයක් වාර්තා කිරීමටද සමත්ව ඇත.