ඩයලොග් වෙතින් සියලුම නව Power Plans සඳහා තවත් සුවිශේෂී ප්‍රතිලාභ රැසක්

    May, 29, 2023

    ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී විසින් සිය පසුගෙවුම් පාරිභෝගිකයන්ට වඩාත් හොඳ සහ උපරිම සේවාවක් ලබාගැනීමට හැකි වන ලෙස සුවිශේෂී ප්‍රතිලාභ රැසක් ලබාදෙමින් වැඩිදියුණු කළ නව Power Plan පැකේජ හඳුන්වා දී ඇත.

    සියලුම නව Power Plans සඳහා භාවිත නොකළ Data ඊළඟ මාසය දක්වා නොමිලේම Roll-over කිරීමට, ඔබගේ ආදරණීයයන් සමඟ GB 50ක් දක්වා Data Share කරගැනීමට, මසකට රු.120ක් වැනි සුළු මුදලකට Unlimited YouTube අත්විඳීමට, දැනට Dialog ජාලය තුළ පවතින Unlimited Calls මසකට රු.100 කට ඕනෑම ජාලයකට Unlimited Calls ලෙස upgrade කරගැනීමට සහ Smartphones සහ උපාංග මිලදී ගැනීමේදී සුවිශේෂී වට්ටම් ලබාගැනීමට හැකිවීම ඇතුළු ප්‍රතිලාභ රැසක් සමඟින් අසමසම පසුගෙවුම් අත්දැකීමක් ගෙන දෙයි.

    මේ තුළින් එකිනෙකට වෙනස් Plans තෝරාගැනීමට හැකි වන අතර, Plans හතරටම Unlimited D2D calls සහ SMS 1000ක් හිමිවේ. එමෙන්ම පාරිභෝගිකයින්ට තම Data අවශ්‍යතාවය අනුව සුදුසු Dialog Power Plan එක තෝරාගැනීමට අවස්ථාව සලසා දේ.රු 600 සිට ඉහළට තෝරා ගැනීම සඳහා Power Plan ඇති අතර, රු. 600 Plan එක සමග Data GB 5 ක්, රු. 800 Plan එක සමග Data GB 10ක්, රු.1200 Plan එක සමග Data GB 20ක් සහ රු.2000 plan එක සමග Data GB 50ක් හිමිවේ.dialog.lk හරහා හෝ MyDialog App හරහා නව සම්බන්ධතාවයක් ලබාගැනීමට මෙන්ම upgrade කිරීමට පාරිභෝගිකයන්ට හැකිවේ.

    මීට අමතරව,Dialog Power Plan සඳහා එම ග්‍රාහකයින්ට "7 Star" ලෝයල්ටි ප්‍රතිලාභ සමඟ Smartphones, නව ඩයලොග් සම්බන්ධතා (Dialog Television සහ Home Broadband) සහ Dongles / Wingles සඳහා සුවිශේෂී වට්ටම් ලබාදෙයි.තවද, ඩයලොග් අලෙවි නියෝජිතයන්ගෙන් ග්‍රාහකයින්ට සුවිශේෂී දීමනා සහ වට්ටම්ද හිමිවේ.

    Dialog Power Plan පිළිබඳ වැඩි විස්තර සඳහා https://dlg.lk/3Id6x6m වෙත පිවිසෙන්න.