ඩ්‍රෝන ගුවන්ගත කිරීම ආරක්ෂක අංශයට පමණයි

    May, 14, 2019

    2010 අංක 14 දරන සිවිල් ගුවන් සේවා පනතේ 34 (1) වගන්තිය මගින් ආරක්ෂක අමාත්‍ය, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇති බලතල ප්‍රකාරව ත්‍රිවිධ හමුදා සාමාජිකයෙකු හෝ පොලිස් නිලධාරියෙකු හැර වෙනත් ඕනෑම පුද්ගලයෙකු විසින්, ඕනෑම නියමුවන් රහිත ගුවන් යානා හෝ ඕනෑම ඩ්‍රෝන යානාවන් ශ්‍රී ලංකා භූමිය තුළ හෝ ශ්‍රී ලංකා භූමියට ඉහළින් පියාසර කරවීම, නැවත දැනුම් දෙන තුරු තහනම් කර තිබේ.

    මීට අදාළ අංක 2123/10 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය ඊයේ (13) දින ප්‍රකාශයට පත් කර ඇත.