ඩිජිටල් ශ්‍රී ලංකාවක් පිලිබඳ ඉදිරි දැක්මේ දායකත්වය වෙනුවෙන් මහ බැංකුවට ජනාධිපති සම්මාන

    June, 13, 2019

    ජනාධිපති මෛත්තු‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් 2019 ජූනි 11වන දා නෙළුම් පොකුණ රඟහලේ පැවති ජාතික ඩිජිටල් මෙහෙයුම් සැලසුම එළිදැක්වීමේ උත්සවයේ දී ඩිජිටල් විශිෂ්ටතා ජනාධිපති සම්මානය ශ්‍රී ලංකා මහ බැංකුව වෙත ප්‍රදානය කරන ලදි. ශ්‍රී ලංකාව ඩිජිටල් ආර්ථිකයක් කරා යන ගමනේ දී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දක්වන ලද විශිෂ්ට දායකත්වය අගයනුවස් මෙම සම්මානය ප්‍රදානය කෙරිණි. ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය මෙම උත්සවය සංවිධානය කළේ ය