January, 5, 2022
මෙරට ප්‍රමුඛතම ලැයිස්තුගත සමාගමක් වන Dipped Products PLC සිය නිෂ්පාදන ධාරිතාව තවදුරටත් පුළුල් කිරීමට පියවර ගෙන තිබේ.
ඒ අනුව සිය නිෂ්පාදන කළඹ ක්‍රීඩා හා කාර්මික අත්වැසුම් පරාසයන් දක්වා පුළුල් කිරීමට සමාගම තීරණය කර ඇත.
සමාගමේ වර්ධනීය මූලෝපායයන් හි කොටසක් ලෙසින් Dipped Products PLC හි පූර්ණ අනුබද්ධිත සමාගමක් වන DPL Premier Gloves Limited හි රුපියල් බිලියනයක ආයෝජනයක් සිදුකරමින් නවීනතම තාක්ෂණයෙන් පිරි කර්මාන්ත ශාලාවක් බියගම ආයෝජන කලාපයේ පිහිටුවීමට පියවර ගෙන තිබේ.
Dipped Products PLC හා එහි පරිපාලික සමාගම් රබර් අත්වැසුම් කර්මාන්තයේ නිරත අතර සිය නිෂ්පාදිත ලොව පුරා 70කට අධික රටවල් ප්‍රමාණයකට අපනයනය කරනු ලබයි.
Video Story