ඩීමෝ කෘෂි ව්‍යාපාර අංශය සිය නව කාර්යාලය සපුගස්කන්ද ප්‍රදේශයේ විවෘත කරයි

    May, 22, 2018

    සීමාසහිත ඩීසල් හා මෝටර් ඉංජිනේරු පොදු සමාගම හෙවත් ඩීමෝ සමාගමේ කෘෂි ව්‍යාපාර අංශයේ නවතම කාර්යාලය සපුගස්කන්ද මාකොළ ප්‍රදේශයේ විවෘත කරයි. මෙම නව කාර්යාලය මඟින් බීජ, පොහොර මෙන්ම කෘෂි විශේෂඥ උපකරණ ආදිය ගොවි ජනතාව වෙත හඳුන්වාදීමේ මධ්‍යස්ථානයක් වශයෙන්ද ක්‍රියා කරයි. මෙරට කෘෂිකර්ම ක්ෂේත්‍රය සඳහා වන  දායකත්වය පුළුල් කරමින්  ඩිමෝ හි  අනාගත අරමුණු සඵල කර ගැනීම සඳහා මෙම නව කාර්යාලය ඔස්සේ කටයුතු සැලසෙනු ඇත. ආහාර අංශය සඳහා වන සිය දායකත්වය ඉදිරි වසර කිහිපය තුළ ජාත්‍යන්තර මට්ටමින් පුළුල් කිරීමට ඩීමෝ අපේක්ෂා කරයි.

    ඩීමෝ හි  කෘෂි විශේෂ ව්‍යාපෘති  පිළිබඳ සාමාන්‍යධිකාරි ප්‍රියංග දෙමටාව මහතා සඳහන් කළේ ඩීමෝ කෘෂි ව්‍යාපාර අංශයේ සුවිශේෂි පියවරක් ලෙස මෙම අවස්ථාව හැඳින්විය හැකි බවයි.  “ඊළඟ පරපුරේ කෘෂිකර්මාන්තය“ යන තේමාව යටතේ ඩීමෝ සමාගම මෙරට කෘෂිකාර්මික ක්ෂේත්‍රය තුළ දැවැන්ත පියවරක් තැබීමට සූදානමින් සිටින බවයි. උසස් තාක්ෂණයෙන් යුතු අති නවීන උපකරණ දක්වා මෙරට කෘෂි ක්ෂේත්‍රය පරිවර්තනයකරමින් කෘෂිකර්මාන්තයට අදාල සෑම ව්‍යාපාර ක්ෂේත්‍රයක් සඳහාම උපරිම මට්ටමින් දායක වීමට ඩීමෝ සමාගම සූදානම් බව ද හෙතෙම සඳහන් කළේය.

    පාරිභෝගිකයා වෙත තත්වයෙන් උසස් ගුණාත්මක සේවාවක් සැපයීම සඳහා ඩීමෝ කෘෂි ව්‍යාපාර අංශය සමස්ථ කෘෂි ක්ෂේත්‍රයම ආවරණය වන පරිදි සිය සේවා පුළුල් කිරීමට කටයුතු කරන බවද හෙතෙම පෙන්වා දුන්නේය. එක් කාර්යාලයක් කේන්ද්‍ර කරගනිමින් සේවා පහසුකම් සැපයීමේදී සිදුවන ගැටළු අවම කරගනිමින් විශිෂ්ට සේවාවක් සැපයීමට මෙමගින් හැකිවනු ඇති බවටද හෙතෙම විශ්වාසය පළ කළේය.

    දශක දෙකකට අධික කාලයක්  මහින්ද්‍රා ට්‍රැක්ටර්ස් සහ Class ඒකාබද්ධ අස්වනු නෙලීමේ යන්ත්‍ර ආදී  කෘෂි උපකරණ විසඳුම් සපයමින් මෙරට කෘෂි ක්ෂේත්‍රය තුළ කැපී පෙනෙන මෙහෙවරක් ඉටු කිරීමට ඩීමෝ සමගම සමත් වීතිබේ.

    එමෙන්ම දශක පහකට අධික කාලයක් ටාටා වෙළඳ වාහන යටතේ කෘෂි ප්‍රවාහන කටයුතු සඳහා දායකත්වය ලබාදීමට ඩීමෝ සමාගම කටයුතු කර තිබේ. සිය කෘෂි අංශය තවදුරටත් පුළුල් කරමින් ඩීමෝ සමාගම ප්ලාන්ට්කෙම් (පුද්ගලික)සමාගම සහ ප්ලාන්ට්සීඩ්ස්(පුද්ගලික)සමාගම සමඟ ඇති කරගත් වෙළඳ සබඳතාව තුළින් අස්වනු සංරක්ෂන විසඳුම්, බීජ, සහ අනිකුත් විශේෂ කෘෂිකර්මාන්තයට අදාල නිෂ්පාදන රැසක් සිය පාරිභෝගිකයා වෙත පිරිනැමීමට ඩීමෝ කෘෂි අංශය සමත්වී තිබේ.මීට අමතරව පොහොර ක්ෂේත්‍රයට පිවිසෙමින් ඩීමෝ විසින් හඳුන්වා දී ඇති පොහොර දිවයින පුරා ගොවි ජනතාවගේ විශ්වාසය දිනූ නාමයක් බවට පත්ව තිබේ. සැබෑ ශ්‍රී ලාංකික සමාගමක් ලෙස ඩීමෝ සමාගම දේශිය ජනතාවගේ ජීවන තත්වය උසස් කරලීම සඳහා දේශිය කෘෂිකාර්මික ක්ෂේත්‍රය නංවාලීමේ උදාරතර අරමුණින් යුතුව කටයුතු කරන සමාගමකි.

     

      

    ඩීමෝ හි සභාපති සහ කළමණාකාර අධ්‍යක්ෂ රංජිත් පණ්ඩිතගේ මහතා ඩීමෝ කෘෂි ව්‍යාපාර අංශයේ නව කාර්යාල සංකීර්ණය විවෘත කළ අයුරු. ඩීමෝ හී සමූහ ප්‍රධාන විධායක නිලධාරි ගහනාත් පණ්ඩිතගේ මහතා සහ කෘෂි විශේෂව්‍යාපෘති අංශයේ සාමාන්‍යධිකාරි ප්‍රියංග දෙමටාව මහතාද එම අවස්ථාවට එක්ව සිටි අයුරු

    ඩීමෝ කෘෂි ව්‍යාපාර අංශයේ නව කාර්යාලය.