ඩීසල් බැරල් දාහතර ලක්ෂයක සහ පෙට්‍රල් බැරල් දශ ලක්ෂයක කොන්ත්‍රාත්තුවක් සිංගප්පූරුවේ Vitol Asia සමාගමට

    June, 26, 2019

    2019 ජූලි 15 සිට 2020 මාර්තු 14 දක්වා ඉදිරි මාස 08ක කාලයක් සඳහා අවශ්‍ය ඩීසල් (උපරිම සල්පර් ප්‍රතිශතය 0.001) බැරල් 420,000ක්, ඩීසල් (උපරිම සල්පර් ප්‍රතිශතය 0.05) බැරල් 1,040,000 ක් සහ පෙට්‍රල් (92UNL) බැරල් 1,084,000 ආනයනය කිරීම සඳහා වන දිගු කාලීන කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද විශේෂ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි සිංගප්පූරුවේ Vitol Asia පුද්ගලික සමාගම වෙත පිරිනැමීම පිණිස මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.