March, 17, 2020
මෙරට මූල්‍ය ඉතිහාසයේ එක්සත් ජනපද ඩොලරයක් වෙනුවෙන් වාර්තා වූ වැඩිම රුපියල් අගය අද දින වාර්තා විය. ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (17) දින එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 182.57 ක් ලෙසින් සටහන් වූ අතර විකුණුම් මිල රු. 186.66 ක් ලෙසින් සටහන් විය. ඩොලරයක ගැණුම් මිල රු. 182 සීමාව සහ විකුණුම් මිල රු. 186 සීමාව ඉක්මවා ගිය පළමු අවස්ථාව මෙය වේ.
මේ අතර අද (17) දින එක්සත් ජනපද ඩොලරයේ නිරූපිත එතැන් විනිමය අනුපාතිකය (Indicative US Dollar SPOT Exchange rate) සටහන් වූයේ රුපියල් 183.69 ක් ලෙසයි. මෙම අගය ද අද දිනයේ දී රු. 183 සීමාව ඉක්මවා ගියේ ඉතිහාසයේ පළමු වරටය.
Video Story