ඩොලරයේ මිල තවදුරටත් ඉහළට. අද රු. 275 යි

    March, 15, 2022

    එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රු. 275 ක් බව මෙරට බලපත්‍රලාභී වානිජ බැංකු කිහිපයක් අද (15) දිනයේ දී ප්‍රකාශයට පත් කර තිබේ.

    එක්සත් ජනපද ඩොලරයට එරෙහිව රුපියලේ අගය පාවීමට ඉඩ හැරීමත් සමඟම මෙලෙස ඩොලරයේ අගය දිනපතා විචලනය වෙමින් පවතී.

    ඒ අනුව අද දිනයේ දී වානිජ බැංකු කිහිපයක් විසින් ඩොලරයක විකුණුම් මිල දක්වා තිබුණේ පහත ආකාරයටය.

    සම්පත් බැංකුව හා NTB බැංකුව - රු. 275.00

    ලංකා බැංකුව - රු. 270.00

    මහජන බැංකුව - රු. 269.99

    කොමර්ෂල් බැංකුව - රු. 265.00

    සෙලාන් බැංකුව - රු. 265.00

    DFCC - රු. 284.00