ඩොලරයේ මිල පහතට

    May, 13, 2022

    මෙරට බලපත්‍රලාභී වානිජ බැංකු කිහිපයකම දෛනික විනිමය අනුපාතික සටහන්වලට අනුව එක්සත් ජනපද ඩොලරයක විකුණුම් අගය රු. 365.00 ක් දක්වා පහළ ගොස් තිබෙනු දක්නට ලැබේ.

    ඊයේ (12) දිනයේ දී වානිජ බැංකුවලට අනුව ඩොලරයක විකුණුම් මිල රු. 380 ක් ලෙසින් සටහන්ව තිබුණි.

    අද දිනයේ මේ දක්වා යාවත්කාලීන වූ තොරතුරුවලට අනුව එක් එක් බැංකුව විසින් ඩොලරයක විකුණුම් මිල දක්වා තිබුණේ පහත පරිදිය.

    ලංකා බැංකුව - රු. 365.00

    මහජන බැංකුව - රු. 364.96

    සම්පත් බැංකුව - රු. 365.00

    කොමර්ෂල් බැංකුව - රු. 365.00

    DFCC - රු. 360.00

    HNB - රු. 365.00

    NDB - රු. 365.00