ඩොලරයේ විකුණුම් මිල රු. 180.90 ක් දක්වා පහළට

    December, 3, 2018

    එක්සත් ජනපද ඩොලරය ඇතුළු විදේශ මුදල් ඒකක ඉදිරියේ දිගින් දිගටම අවප්‍රමාණය වෙමින් තිබුණු ශ්‍රී ලංකා රුපියල අද (03) දිනයේ දී තරමක් දුරට අධිප්‍රමාණය වීමක් වාර්තා විය.

    මෙහිදී ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ ගැණුම් මිල රු. 176.9399 ක් ලෙසින් සටහන් වූ අතර විකුණුම් මිල සටහන් වූයේ රු. 180.9009 ක් ලෙසිනි.

    පසුගිය නොවැම්බර් 28 වන දා ශ්‍රී ලංකා මූල්‍ය ඉතිහාසයේ පළමු වරට එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රුපියල් 182 සීමාව ඉක්මවා යනු ලැබීය. එසේම ඩොලරයක ගැණුම් මිල ද මුල් වරට රුපියල් 178 සීමවා ද එදින ඉක්මවා ගියේය.

    ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම වාර්තාවන්ට අනුව 2018 වසර ආරම්භයේ සිට පසුගිය නොවැම්බර් 29 දක්වා කාලපරිච්ඡේදය තුළ දී ශ්‍රී ලංකා රුපියල, එක්සත් ජනපද ඩොලරයට එරෙහිව 15.1% කින් අවප්‍රමාණය වී ඇත.