ඩොලරයේ විකුණුම් මිල රු. 260 යි – බැංකු රැසක් නිල වශයෙන් කියයි

    March, 10, 2022

    අද (10) දින ප්‍රකාශයට පත් කර ඇති විනිමය අනුපාතික සටහන්වලට අනුව මෙරට ප්‍රධාන පෙළේ වාණිජ බැංකු කිහිපයක් විසින් එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රු. 260 ක් බව සටහන් කර ඇත.

    වහාම ක්‍රියාත්මක වන පරිදි, විනිමය අනුපාතිකයෙහි ඉහළ නම්‍යශීලීභාවයක් සහිතව ගනුදෙනු කිරීමට වෙළඳපොළට ඉඩ සලසනු ලබන බව පසුගිය මාර්තු 07 වන දා ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශයට පත් කරන ලදී.

    කෙසේවෙතත් විදේශ විනිමය ගනුදෙනු එක්සත් ජනපද ඩොලරයකට රුපියල් 230 කට නොවැඩි මට්ටමක පවතිනු ඇතැයි මහ බැංකුව අපේක්ෂා කර තිබුණි.