ඩොලරයේ විකුණුම් මිල රු. 360 සීමාවට

    April, 27, 2022

    අද (27) මෙරට බලපත්‍රලාභී වානිජ බැංකු කිහිපයකම දෛනික විනිමය අනුපාතික සටහන්වලට අනුව එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රු. 350 - රු. 360 සීමාවෙහි ඇති බව නිරීක්ෂණය කළ හැකිය.

    ඒ අනුව මෙරට බලපත්‍රලාභී වානිජ බැංකු කිහිපයක් අද දිනයේ ඩොලරයේ විකුණුම් මිල දක්වා තිබුනේ පහත අයුරිනි.

    ලංකා බැංකුව - රු. 353.00

    මහජන බැංකුව - රු. 352.99

    සම්පත් බැංකුව - රු. 355.00

    සෙලාන් බැංකුව - රු. 355.00

    කොමර්ෂල් බැංකුව - රු. 355.00

    DFCC - රු. 340.00

    HNB - රු. 353.00

    NDB - රු. 360.00

    අමානා බැංකුව - රු. 355.00