ඩොලරය ඉහළට. වසරකට පසු වැඩිම මිල අද

    October, 28, 2025

    ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතිකයට අනුව අද (28) දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක එතැන් විනිමය අනුපාතිකය (USD/LKR Spot Exchange Rate) රු. 304.02 ක් ලෙසින් සටහන්ව තිබේ.

    මෙලෙස ඩොලරයේ මිල රු. 304 සීමාව ඉක්වා ගොස් ඇත්තේ පසුගිය 2024 වසරේ සැප්තැම්බර් 24 දිනෙන් පසුව වීම විශේෂත්වයකි. එදින ඩොලරයේ මිල රු. 304.42ක් ලෙසින් වාර්තා වී තිබුණි.

    මේ අතර අද දින ශ්‍රී ලංකා මහ බැංකු විනිමය අනුපාතිකයට අනුව ඩොලරයේ  ගැනුම් මිල රු. 300 සීමාව ද විකුණුම් මිල රු. 308 සීමාව ද ඉක්මවා යනු ලැබීය. 2024 සැප්තැම්බර් 23 දිනෙන් පසු වාර්තා වූ ඩොලරයේ ඉහළම ගැනුම් මිල මෙය වන අතර 2024 සැප්තැම්බර් 24න් පසු වාර්තා වී තිබෙන ඉහළම විකුණුම් මිල ද මේ අනුව අද දින වාර්තා වී ඇත.

    Video Story

    Stock Market

    Exchange Rates