ඩොලරය රු. 375 යි – මහ බැංකුව

    May, 6, 2022

    අද (06) දිනයේ දී ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රු. 374.99 ක් ලෙසින් දක්වා ඇත.

    ගැනුම් මිල සටහන් වන්නේ රු. 361.72 ක් වශයෙනි.

    මේ අතර අද දිනයේ මෙරට බලපත්‍රලාභී වානිජ බැංකු ගණනාවක්ම ඩොලරයක විකුණුම් මිල රු. 375.00 ක් ලෙසින් දක්වා තිබුණි.

    ලංකා බැංකුව - රු. 375.00

    මහජන බැංකුව - රු. 374.99

    සම්පත් බැංකුව - රු. 375.00

    සෙලාන් බැංකුව - රු. 375.00

    කොමර්ෂල් බැංකුව - රු. 375.00

    DFCC - රු. 375.00

    HNB - රු. 375.00

    NDB - රු. 375.00

    අමානා බැංකුව - රු. 375.00