ඩොලරය හමුවේ රුපියල යළිත් පසුබසී. විකුණුම් මිල රු. 196 ඉක්මවයි

    January, 15, 2021

    එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල අද (15) දිනයේ දී රු. 196 සීමාව ඉක්මවා ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහන පෙන්වා දේ. මේ අතර ඩොලරයේ ගැණුම් මිල ද අද දින රු. 190 සීමාව ඉක්මවා යනු ලැබීය.

    ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරය ගැණුම් මිල රු. 190.77 ක් හා විකුණුම් මිල රු. 196.05 ක් වශයෙන් වාර්තා විය.

    2020 අප්‍රේල් 28 දිනෙන් පසු එක්සත් ජනපද ඩොලරයක් වෙනුවෙන් වාර්තා වූ වැඩිම රුපියල් අගය මෙය වේ.