ඩොලරය 163 ට කිට්ටු කරයි

    September, 4, 2018

    එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල අද දිනයේ දී රු. 163.00 සීමාව වෙත ආසන්න විය.

    ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (04) දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 159.7943ක් ලෙසින් සටහන් වන අතර එහි විකුණුම් මිල රු. 162.9973 ක් ලෙසින් සටහන් විය.

    මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව කියා සිටින්නේ, මේ වන විට ලොව  බොහෝ විනිමය ඩොලරයට සාපේක්ෂව අවප්‍රමාණය වී ඇති බවයි. මේ පිළිබඳ ප්‍රස්ථාර සටහනක් පහතින් දැක්වේ.

    විදුලි පණිවුඩ පැවරුම් සඳහා ශ්‍රී ලංකාවේ තෝරාගන්නා ලද ප්‍රධාන වාණිජ බැංකු විසින් දිනයේ පෙරවරු 9.30 ට ඉදිරිපත් කරන ලද ප්‍රධාන ව්‍යවහාර මුදල්වල ගැණුම් හා විකුණුම් විනිමය අනුපාතයන්හි සාමාන්‍ය අගය පදනම් කරගනිමින් දෛනික ගැනුම් හා විකුණුම් අනුපාත ගණනය කෙරේ.

    වාණිජ බැංකු විසින් සපයනලද මෙම විනිමය අනුපාතය දිනයෙහි ආරම්භක අනුපාත වන අතර දිනය තුලදී විනිමය අනුපාතයන්හි උච්චාවචනයන් සිදුවුවහොත් මෙම අනුපාතය වෙනස්විය හැකිය.