ඩොලර් මිලියන 27 ක අගෝස්තුවේ ‍පොහොර කොන්ත්‍රාත්තුව වැලන්සි ඉන්ටර්නැෂනල් සහ ගෝල්ඩන් බාලි ඉන්ටර්නැෂනල් වෙත

    July, 24, 2019

    සීමාසහිත ලංකා පොහොර සමාගමේ හා සීමාසහිත කොළඹ කොමර්ෂල් පොහොර සමාගමේ අගෝස්තු මාසය සඳහා වන පොහොර අවශ්‍යතා සපුරාලීම සඳහා යූරියා (ප්‍රිල්ඩ්) මෙට්‍රික් ටොන් 5,500ක්, මෙට්‍රික් ටොන් 1ක් ඇමරිකානු ඩොලර් 322.74 බැගින්ද, යූරියා (ග්‍රැනියුලා) මෙට්‍රික් ටොන් 60,000ක්, මෙට්‍රික් ටොන් 1ක් ඇමරිකානු ඩොලර් 312.99 බැගින්ද සහ මියුරේට් ඔෆ් පොටෑෂ් (රතු / රෝස) මෙට්‍රික් ටොන් 5,900ක් මෙට්‍රික් ටොන් 1ක් ඇමරිකානු ඩොලර් 355.49 බැගින්ද වැලන්සි ඉන්ටර්නැෂනල් ට්‍රේඩින් ප්‍රයිවට් ලිමිටඩ් වෙතින් සහ ට්‍රිපල් සුපර් පොස්පේට් මෙට්‍රික් ටොන් 15,800ක්, මෙට්‍රික් ටොන් 1ක් ඇමරිකානු ඩොලර් 302.50 බැගින් සීමාසහිත ගෝල්ඩන් බාලි ඉන්ටර්නැෂනල් පුද්ගලික සමාගම වෙතින් ප්‍රසම්පාදනය කර ගැනීම වෙනුවෙන් ආවරණ අනුමැතිය ලබා ගැනීම පිණිස කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    මෙම කොන්ත්‍රාත්තුවල සමස්ත වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 27.43 කි.