ඩොලර් මිලියන 5.2 ක ආයෝජනයකින් මහනුවරට කාමර 67ක නව තරු පහේ හෝටලයක්

    October, 10, 2019

    මහනුවර මාවිලමඩ පාරේ කාමර 67 කින් යුතු තරු පහේ හෝටලයක් ඉදිකිරීම සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සහ Star Class Hotel (පුද්) සමාගම අතර ගිවිසුම් අත්සන් කිරීම පසුගියදා සිදුවිය. මෙම ගිවිසුම සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති මංගල යාපා මහතා සහ Star Class Hotel (පුද්) සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ මොහොමඩ් නසාර් මහමඩ් රිසාන් මහතා අත්සන් කළහ.

    මෙම ව්‍යාපෘතිය සඳහා ආයෝජනය කරනු ලබන මුදල ඇමරිකානු ඩොලර් මිලියන 5.2 කි. වසර 1 ½ ක කාලයක දී ව්‍යාපෘතිය අවසන් කිරීමට බලාපොරොත්තු වන Star Class Hotel (පුද්) සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ මොහොමඩ් නසාර් මහමඩ් රිසාන් මහතා මෙහිදී කියා සිටියේය.

    මෙහි දෙවන අදියර යටතේ තවත් කාමර 27 ක් ඊට එක් කිරීමට නියමිතය. මෙම ව්‍යාපෘතිය හරහා නව රැකියා අවස්ථා 60කට අධික ප්‍රමාණයක් නිර්මාණය වනු ඇති බව එහි ආයෝජක සමාගම වැඩිදුරටත් කියා සිටී.