ඩොලර් මිලියන 50ක ආයෝජනයක් – නුවරඑළියේ කේබල් කාර් ව්‍යාපෘතියේ අවබෝධතා ගිවිසුමට අත්සන් තබයි

    October, 14, 2019

    නුවරඑළියේ ඉදි කිරීමට නියමිත  ශ්‍රී ලංකාවේ ප්‍රථම කේබල් කාර් ව්‍යාපෘතිය සඳහා අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම පසුගිය දා (13) නුවරඑළිය මහ නගරසභා පරිශ්‍රයේදී සිදුවිය. ඒ වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙනි.

    දෙස් විදෙස් සංචාරකයින්ගේ ඉහළ ආකර්ෂණයක් සහිත නුවරඑළිය ප්‍රදේශය මෙරට උච්ඡත්වයෙන් ඉහළම ස්ථානයක පිහිටා තිබීම හා සුන්දර පරිසරයකට හිමිකම් කීම හේතුවෙන් එම ප්‍රදේශය සඳහා වන සංචාරක ආකර්ෂණය තවදුරටත් ඉහළ නැංවීමේ පියවරක් ලෙස නානුඔය සිට සිංගල් ට්‍රී කන්ද හා ග්‍රෙගරි වැව දක්වා කේබල් කාර් ව්‍යාපෘතියක් ආරම්භ කිරීම සඳහා සීමාසහිත අවුට්ඩෝර් ඉංජිනියරින් ලංකා පුද්ගලික සමාගම හා එහි විදේශීය හවුල්කරුවන් වන ඩොපෙල්මේ කේබල් කාර් සමාගම විසින් මෙම ව්‍යාපෘති යෝජනාව ඉදිරිපත් කර තිබුණි.

    ඒ අනුව ඇමරිකානු ඩොලර් මිලියන 50 ක පමණ ආයෝජනයක් යටතේ නානුඔය දුම්රිය ස්ථානය, නුවරඑළිය තුරඟ තරඟ පිටිය හා සිංගල් ට්‍රී කඳු මුදුන යා කරමින් කුළුණු 21 ක් මක ගොඩනැගීමට යෝජිත මෙම ව්‍යාපෘතිය, මගීන් 10කට ගමන් කළ හැකි කුටි 86කින් සමන්විත වන තර එහි පළමු අදියර යටතේ කුටි 43ක් ස්ථාපිත කිරීමට සැලසුම් කරනු ලැබ ඇත.