January, 3, 2018
2017 අංක 30 දරන විසර්ජන පනතට අනුව 2018 වර්ෂය සඳහා ඇස්තමේන්තුගත උපරිම රාජ්‍ය ණය ලබාගැනීමේ සීමාව රුපියල් බිලියන 1,893ක් වේ. මෙයින් රුපියල් බිලියන 1,150ක් ණය ආපසු ගෙවීම සඳහා ද, රුපියල් බිලියන 743ක් සංවර්ධන ව්‍යාපෘති හා අනෙකුත් වියදම් සඳහා ද භාවිත කිරීමට නියමිතය.
මෙම රුපියල් බිලියන 1,893ක ණය ප්‍රමාණයෙන් රුපියල් බිලියන 1,313ක් දේශීය ණය මූලාශ්‍රවලින්ද, රුපියල් බිලියන 580ක් විදේශීය ණය මූලාශ්‍රවලින්ද ලබාගැනීමට අපේක්ෂා කෙරේ. දේශීය මූලාශ්‍ර මඟින් ලබාගැනීමට යෝජිත ණය, භාණ්ඩාගාර බැඳුම්කර හා ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර වැනි ණය උපකරණ නිකුත් කිරීම මඟින් ලබාගැනීමට නියමිතය.
ඒ අනුව, 2018 වර්ෂය තුළ ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර නිකුත් කිරීම මඟින් ඇමරිකානු ඩොලර් මිලියන 3,000ක් (ආසන්න වශයෙන් රුපියල් බිලියන 456ක්) ලබාගැනීමට සැලසුම් කර ඇති අතර, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධීක්ෂණය යටතේ එම බැඳුම්කර නිකුතුව සිදු කිරීමට යෝජනා වී තිබේ.
මීට අමතරව 2018 වර්ෂය සඳහා අනුමත රාජ්‍ය ණය ගැනීම් සීමාව තුළ, ඇමරිකානු ඩොලර් මිලියන 2,000ක් දක්වා අරමුදල්, ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර නිකුත් කිරීම මඟින් සපයා ගැනීම සඳහා අවශ්‍ය ඉදිරි පියවර ගැනීම පිණිස මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
Video Story