ඩොලර් මිලියන 6.9ක පොහොර කොන්ත්‍රාත්තුවක් සිංගප්පූරුවේ Valency International වෙත

    October, 14, 2025

    වී වගාව සඳහා ගොවීන්ට අවශ්‍ය යූරියා, ඍජු හා මිශ්‍ර පොහොර ලෙස වෙළෙඳපොළට නිකුත් කිරීමට හැකි වන පරිදි, ජාත්‍යන්තර තරගකාරී ලංසු කැඳවීමේ ක්‍රියාවලිය යටතේ යූරියා පොහොර මෙට්‍රික්ටොන් 15,000ක් ස්ටේට් ෆර්ටිලයිසර් කම්පැනි ලිමිටඩ් විසින් ප්‍රසම්පාදනය කිරීම සඳහා 2025‑05‑26 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත.

    ඒ අනුව ජාත්‍යන්තර තරගකාරී ලංසු කැඳවා ඇති අතර ලංසු 03ක් ඉදිරිපත් කර තිබේ.

    එකී ලංසු සම්බන්ධයෙන් ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් ලබා දී ඇති නිර්දේශය මත පදනම්ව, යූරියා මෙට්‍රික්ටොන් 15,000+/-5% සැපයීමේ කොන්ත්‍රාත්තුව ඇමෙරිකානු ඩොලර් මිලියන 6.9ක මුදලකට සිංගප්පූරුවේ M/s Valency International Pte. Ltd වෙත පිරිනැමීම පිණිස කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    Video Story

    Stock Market

    Exchange Rates