ඩොලර් මිලියන 7 ක පොහොර ටෙන්ඩරයක් සිංගප්පූරු හා අබුඩාබි සමාගම් දෙකකට

    May, 31, 2018

    ගොවි ජනතාව වෙත සැපයීම සඳහා රජය විසින් සීමාසහිත ලංකා පොහොර සමාගම සහ සීමාසහිත කොළඹ කොමර්ෂල් පොහොර සමාගම මඟින් රසායනික පොහොර ආනයනය කරනු ලැබේ.

    ඒ යටතේ 2018 ජුනි මාසයේ බෙදාහැරීම සඳහා අවශ්‍ය මියුරියේට් ඔෆ් පොටෑෂ් මෙට්‍රික් ටොන් 6,000ක් මෙට්‍රික් ටොන් 01ක් ඇමරිකානු ඩොලර් 311.74 බැගින් සිංගප්පූරුවේ M/s. Valency International Trading (Pvt) Ltd. වෙතින්ද, යූරියා මෙට්‍රික් ටොන් 18,000ක් මෙට්‍රික් ටොන් 01ක් ඇමරිකානු ඩොලර් 280.90 බැගින් අබුඩුබාහි M/s. Agri Commodities and Finance FZE වෙතින්ද ප්‍රසම්පාදන අභියාචන මණ්ඩලයේ නිර්දේශ පරිදි මිල දී ගැනීම පිණිස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    මෙම ටෙන්ඩර්වල සම්පූර්ණ වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 6.92 කි.