ඩොලර් 15 ක් ඉල්ලා මැක්ඩොනල්ඩ්ස් සේවකයෝ විරෝධතාවයේ

    May, 22, 2014

    ලෝකයේ දැවැන්තම අවන්හල් ජාලයක් වන මැක්ඩොනල්ඩ්ස් හි, ඇමරිකාවේ සේවකයින් වැඩි පඩි ඉල්ලා උද්ඝෝෂණයක් ආරම්භ කර තිබෙන අතර විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ සේවකයින් දහස් ගණනක් ඊයේ මැක්ඩොනල්ඩ්ස් විශ්ව විද්‍යාලය වැටලූ බවයි.

    මෙම විරෝධතා හමුවේ ඇමරිකාවේ Illinois හි, පිහිටි මැක්ඩොනල්ඩ්ස් ප්‍රධාන මධ්‍යස්ථානයෙන් සමාගම මෙහෙයුම් කටයුතු පවා ඉවත් කරගෙන තිබෙන බව සඳහන්ය.

    විරෝධතා කරුවන් ඉල්ලා සිටින්නේ සේවකයින්ට පැයක් සඳහා ගෙවන අවම වැටුප ඩොලර් 15 ක් දක්වා ඉහළ දමන ලෙසයි.mcc