තට්ටු නිවාස සහ නිවාස මිලදී ගැනීමට කොමර්ෂල් බැංකුවෙන් විශේෂ ණය

    November, 7, 2016

    කොළඹ නගරයේ සහ තදාසන්න ප‍්‍රදේශවල මෙන්ම මහනුවර ප‍්‍රදේශයේ ස්ථාන 44 ක පිහිටා තිබෙන ප‍්‍රසිද්ධ සුපිරි තට්ටු නිවාස (Apartments) සහ නිවාස මිලදීගැනීමේ සිහිනය සැබෑ කිරීම සඳහා කොමර්ෂල් බැංකුව මෙරට ප‍්‍රමුඛතම දේපොළ සංවර්ධන සමාගම් කිහිපයක් සමග ඒකාබද්ධ වී තිබේ.

    මෙම තට්ටු නිවාස සහ නිවාස වල වටිනාකමින් 80% ක ණය මුදලක් බැංකුව විසින් තරගකාරී පොලී අනුපාතයකට ලබාදෙන බවත් එම ණය මුදල පියවීම සඳහා ඉතාමත් නම්‍යශීලී විකල්ප ඉදිරිපත් කර තිබෙන බවත් බැංකුව සඳහන් කරයි. බැංකුව සහ දේපොළ සංවර්ධන සමාගම අතර ත්‍රෛපාක්ෂික ගිවිසුම් (Tripartite Agreements) ඇතිකර ඇති අවස්ථා වල ණය මුදල සඳහා අයදුම්කර සතියක් ඇතුළත මෙම ණය මුදල ලබාදීමේ හැකියාව තිබෙන බව කොමර්ෂල් බැංකුව පවසයි.

    මෙම නිවාස ණයක් බලාපොරොත්තු වන ගනුදෙනු කරුවෙකු විසින් ඉදිරිපත් කළ යුත්තේ තමන්ගේ පුද්ගලික සහ ආදායම් සම්බන්ධ තොරතුරු සමග විකුණුම් සහ මිලදීගැනීමේ ගිවිසුම පමණක් බව බැංකුව සඳහන් කරයි. පිටරටවල සේවය කරන ශ‍්‍රී ලාංකිකයින්ට මෙම නිවාස ණය ශ‍්‍රී ලංකා රුපියල් වලින් හෝ විදේශ මුදල් වලින් ලබාදිය හැකි බවත් විදේශ මුදල් ණය ඔවුන්ගේ අනේවාසික විදේශ මුදල් ගිණුම් (NRFC accounts) හරහාම නැවතත් පියවිය හැකි බවත් බැංකුව පවසයි.

    මෙම ණය යෝජනා ක‍්‍රමය වඩාත් ආකර්ශනීය කරමින් අපේක්ෂකයාගේ ආදායම් රටාව සහ අනාගතයේදී පුරෝකතනය කරන ආදායම අනුව වඩාත් නම්‍යශීලි ගෙවීමේ විකල්ප තෝරාගැනීමේ අවස්ථාව ගැනුම්කරුවන්ට හිමි වේ. මෙම කාණ්ඩයට නිවාස ණය මුදල වැඩිකර ගැනීමේ අවස්ථාව (Step-up Home Loans) සහ අනිකුත් නිවාස ණය අවස්ථාවන්ද (Residual Home Loan) හිමිවන බවත් මෙහිදී නැවත ගෙවීම සම්බන්ධයෙන් වැටුප් ඉහළයෑම්, බෝනස් සහ අනිකුත් ප‍්‍රතිලාභ සලකා බලන බවත් බැංකුව සඳහන් කරයි.

    ‘‘හොඳ අනාගතයක් වෙනුවෙන් කැපවන බැංකුවක් ලෙස කොමර්ෂල් බැංකුව තම ගනුදෙනුකරුවන්ට මෙම බලාපොරොත්තු ඉටුකර ගැනීම සඳහා සහාය දක්වනවාල’’ යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ පුද්ගලික බැංකු අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිණී, සැන්ඩ‍්‍රා වල්ගම මහත්මිය පැවසුවාය. ‘‘අළුත් දේපොළ සංවර්ධන සමාගම් රැසක් තුළින් නිවසක් හෝ සුපිරි තට්ටු නිවාසයක් හිමිකර ගැනීමේ මෙම බලාපොරොත්තුව ඉටුකිරීමේ කාර්යේ ඉතාමත් වැදගත් කොටසක් වන්නේ මෙම ණය යෝජනා ක‍්‍රමය ඉතාමත් කාලීන වීමත් එහි ව්‍යුහය මනාව සකස් කර තිබීමත්ය.’’

    කොමර්ෂල් බැංකුව විසින් ලබාදෙන මෙම විශේෂ නිවාස ණය යෝජනා ක‍්‍රමය මගින් කොළඹ ඉදිවෙමින් තිබෙන ඉතාමත් සුඛෝපභෝගී මෙන්ම ගාම්භීර තට්ටු නිවාස සංකීර්ණ ආවරණය වේ. Altair (Indocean Developers), Astoria (Avic International), Blue Ocean (Link Construction), Capitol 7 (Sanken Engineering), Cinnamon Life (John Keells), Clear Point Residencies (Milroy Perera/Maga), Colombo City Centre (Abans/Silver Needle), Grandsberg&Sovrano 39 (Blue Mountain), Havelock City – Colombo 6 (Mireka Capital/Overseas Realty), Havelock City Phase III (Mireka Capital/Overseas Realty), Iconic – 110 Parliament Road (Atlantis), all apartments from Prime Residencies and Living Homes (Prime Group), On Three 20 (John Keells), Orchid Apartments Malabe (Nivasie Developers), Palladium Residencies (Global Leasing), Platinum 1 (Platinum Realty Investments), Span Tower 16 (Span Engineering), Templers Square (Kelsey Homes), The Residences at One Galle Face (Shangri-La Hotels Lanka), Treasure Trove Residencies (Home Lands Skyline), Trillium Villas – Melder Place (Trillium Property Management), 7th Sense (John Keells) සහ 77 on Fourth (JAT Engineering) මෙම ණය යෝජනා ක‍්‍රමය මගින් ආවරණය වේ.

    කොමර්ෂල් බැංකුව ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පිට පිටම හය වතාවක් තේරී පත්වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව වන අතර මෙරට තුළ බැංකු ශාඛා 251 ක් සහ ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර 640 ක් ඇත. ශ‍්‍රී ලංකාවේ හොඳම බැංකුව, හොඳම වෙළඳ බැංකුව, ශක්තිමත්ම බැංකුව සහ වඩාත්ම ගෞරවණීය බැංකුව ලෙස වසර ගණනාවක් දෙස් විදෙස් ආයතන සහ ප‍්‍රකාශන විසින් කොමර්ෂල් බැංකුවට සම්මාන රැුසක් ප‍්‍රදානය කර තිබේ. ලංකා වාණීජ මණ්ඩලය විසින් තෝරාපත් කරගත් ශී‍්‍ර ලංකාවේ හොදම ආයතනික පුරවැසියන් 10 දෙනා අතරට වසර ගණනාවක් එක්වීමටද බැංකුවට හැකිවිය.

    කොමර්ෂල් බැංකුවේ විදේශ මෙහෙයුම් කටයුතු සැලකීමේදී බංග්ලාදේශය තුළ ශාඛා 18 ක් පවත්වාගෙන යන අතර මියන්මාරයේ යැන්ගොන්හි, නියෝජිත කාර්යාලයක් සහ 2016 වසරේ සැප්තැම්බර් මාසයේ මාලදිවයින තුළ ආරම්භ කළ පළමු පෙළ බැංකුව පවත්වාගෙන යයි. මේ අතර, සම්පූර්ණ හිමිකාරීත්වය සහිත මුදල් හුවමාරු මෙහෙයුම් කටයුතු ඉතාලියේ සිදුකිරීමට බැංකුවට මෑතකදී බලපත‍්‍රයක් හිමිවිය.