තරුණ ව්‍යවසායකයින් උදෙසා Q-shop දහසක් ව්‍යාපෘතිය ඇරඹයි

    November, 20, 2020

    තරුණ ව්යවසායකයින් සඳහා වෙළෙඳපොළ අවස්ථා නිර්මාණය කෙරෙන Q-shop ව්යාපෘතියේ සමාරම්භක අවස්ථාව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්රධානත්වයෙන් රාජ්ය වාණිජ (විවිධ) නීතිගත සංස්ථා පරිශ්රයේ දී ඊයේ (19) පැවැත්විණි. එහි දී ප්රථම Q-shop වෙළඳසැල අග්‍රාමාත්‍යවරයා විසින් විවෘත කරනු ලැබීය. මේ ඔස්සේ ගුණාත්මකභාවයෙන් ඉහළ රාජ්ය අංශයේ හා දේශීය නිෂ්පාදන සෘජුව ම පාරිභෝගිකයා වෙත නිකුත් කිරීම ඔස්සේ තරුණ ව්යවසාකයින් සඳහා වෙළඳපොළ අවස්ථා නිර්මාණය වනු ඇත.
    මෙම ව්යාපෘතියේ මූලික අදියර යටතේ රට පුරා Q-shop දහසක් (1000) ආරම්භ කෙරෙන අතර, ඉන් පසුව 2024 වර්ෂය වන විට දිවයිනේ සෑම ග්රාම නිලධාරී කොට්ඨාශයක්ම ආවරණය වන පරිදි Q-shop 14000ක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.
    වෙළඳ අමාත්ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ සංකල්පයක් අනුව සෞභාග්යයේ දැක්ම ප්රතිපත්ති ප්රකාශනයේ පරිදි ජනතාවට අඩු මිලට ප්රමිතියෙන් ඉහළ භාණ්ඩ අලෙවි කිරීම හා තරගකාරී තරුණ ව්යවසායකයින් බිහිකිරීමට මැදිහත්වීම මෙහි ප්රධාන අරමුණු වේ. ක්රීඩා අමාත්යංශයේ තරුණ ව්යවසායකයින් නගා සිටුවීමේ වැඩසටහන යටතේ මෙම ව්යාපෘතියට තරුණ ව්යවසායකයින් සොයා දීම සිදු කෙරේ.