තරු පංතියේ හොටල් දෙකක් මත්තල ට

    March, 15, 2022

    මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළ පිහිටි හම්බන්තොට ප්‍රදේශය ප්‍රධාන සංචාරක ගමනාන්තයක් වන නමුත් දැනට එම ප්‍රදේශයේ හෝටල් කිහිපයක් පමණක් ක්‍රියාත්මක වේ.

    ගුවන්තොටුපළ ආසන්නයේ තරු 4 කාණ්ඩයේ හෝටල් 2ක් ඉදිකිරීම මගින් සංචාරකයින් ආකර්ෂණය කර ගැනීම සඳහා වඩාත් වාසි දායක තත්ත්වයක් නිර්මාණය වන බව පෙනී ගොස් ඇත.

    ඒ සඳහා ගුවන්තොටුපල පර්යන්ත ගොඩනැගිල්ලට දකුණු පසින් පිහිටි හෙක්ටයාර් 15 බැගින් වූ බිම් කොටස් දෙකක් හදුනාගනු ලැබ තිබේ.

    ඒ අනුව, යෝජිත හෝටල් 02 ස්ථාපිත කිරීම සඳහා ආයෝජකයන් වෙතින් යෝජනා සඳහා ඉල්ලීම් කැදවීම පිණිස සංචාරක අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරණ ලදී.