තවත් EPF නිලධාරීන් 20 ක් ගැන පරීක්ෂණ

    July, 17, 2017

    ආන්දෝලනාත්මක බැඳුම්කර ගනුදෙනුවලට අදාළ කාලපරිච්ඡේදය තුළ දී සේවක අර්ථසාධක අරමුදලෙහි (EPF) සේවය කළ තවත් නිලධාරීන් 20 දෙනෙකු පිළිබඳ පරීක්ෂණ අරඹා ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි. මෙම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටිනුයේ අදාළ නිලධාරීන්ගෙන් අදාළ පරීක්ෂණ සම්බන්ධව ලිඛිතව කරුණු විමසා ඇති බවත් මෙම සතිය තුළ දී ඒ සඳහා ප්‍රතිචාර දැක්විය යුතු බවට දැනුම් දී ඇති බවත් ය.

    පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම සමඟ ද්විතියික වෙළෙඳපොළ බැඳුම්කර ගනුදෙනු සිදුකළ සේවක අර්ථසාධක අරමුදලේ සමන් කුමාර නැමත්තාගේ සේවය අත්හිටුවීමට ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය දා කටයුතු කළ අතර පසුගිය සතියේ දී ඔහු බැඳුම්කර ගනුදෙනු පිළිබඳ විමර්ශනය සඳහා පත්කරන ලද ජනාධිපති කොමිසම හමුවට ද කැඳවන ලදී.