ත්‍රිපිටකය ජංගම දුරකථන යෙදවුමක් ලෙස හඳුන්වා දීමට S-lon සවිබලය

    June, 13, 2016

    S-lon සමාගමේ අනුග්‍රහයෙන් නිර්මාණය කෙරුණු "ත්‍රිපිටක" ජංගම දුරකථන යෙදවුම 2560 වන සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙන් කතරගම කිරි වෙහෙරේදී පසුගිය දා ජනගත කෙරිණි. ත්‍රිපිටකයේ එන පාලි පාඨ සිංහල බසින් ලබා ගත හැකි අතර ඇන්ඩ්‍රොයිඩ් සහ ඇපල් මෙහෙයුම් පද්ධතිය සහිත ඕනෑම උපාංගයකින් පරිහරණය කළ හැකි වීම විශේෂත්වයකි.

    S-lon Lanka සමාගමේ තවත් ප්‍රජා සත්කාරක වැඩසටහනක්වන මෙම ජංගම දුරකථන යෙදවුම, Rediffusion Y&R සමාගම විසින් සැලසුම් කර ගොඩනගන ලද්දකි.

    ඕනෑම සිසුවෙකුට බෞද්ධ සාහිත්‍යය පිළිබඳ අධ්‍යයනය කරන්නෙකුට ඉතා වැදගත්වන සූත්‍ර පිටකය, විනය පිටකය සහ අභිධර්ම පිටකය අඩංගු මෙම ජංගම දුරකථන යෙදවුම ඩිජිටල් මාධ්‍යය වෙත ගෙන එමින් S-lon සමාගම ඕනෑම අයෙකුට ඕනෑම ස්ථානයක සිට පහසුවෙන් එය පරිහරණය කිරීමේ අවස්ථාව හිමිකර දී තිබේ.

    ත්‍රිපිටක ජංගම දුරකථන යෙදවුම Google Play Store හෝ iOS මගින් බාගත කළ හැකිය.

    වර්තමානයවන විට, S-lon වෙළඳ නාමය යටතේ නිෂ්පාදනය හා බෙදාහැරීමේ ක්‍රියාවලියට අයත් නිෂ්පාදන පෙළක් පවතින අතර, එය මෙරට ඉදිකිරීම් කර්මාන්තයේ විශ්වාසය දශක ගණනක් පුරා අඛණ්ඩව හිමිකර ගත් නිෂ්පාදන පෙළකි. නිෂ්පාදන අතරින්, විවිධ අවශ්‍යතා සඳහා යොදා ගන්නා විවිධ ප්‍රමාණයන්ගේ පයිප්ප හා උපාංග පෙළක්, වැසි ජල පරිවහන පද්ධති, අපද්‍රව්‍ය පරිවහන නළ හා උපාංග, උණු ජලනල පද්ධති, විවිධ මාදිලි රැසක බෝල් වෑල්ව්, ප්ලාස්ටික් ටැප්, ක්‍රෝම් ප්ලේටඩ් ෆෝස්ට් සොකට් හා උපාංග, වතුර පොම්ප, පයිප්ප අලවන ගම්, ගාර්ඩ්න් මෙෂ් හා ගාර්ඩ්න් උපාංග මෙරට වෙළඳපල තුළ ඉහළ කීර්තිනාමයක් දිනා සිටින නිෂ්පාදන වේ.