October, 16, 2018
තානාපති, මහකොමසාරිස් වැනි රාජ්‍ය තාන්ත්‍රික කාර්යාලවල වාහන සඳහා ඉන්ධන නිකුත් කිරීමේ දී පෙට්‍රල් ඔක්ටේන් 92 ලීටරයක මිල රු. 128.00 ක් විය යුතු බව ඛනිජ තෙල් සංස්ථාව විසින් ඉන්ධන පිරවුම්හල වෙත දැනුම් දී තිබේ. මෙය පෙර පැවති රු. 122.00 සිට රු. 6.00 ක වැඩි වීමකි.
එසේම ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රු. 134.00 සිට රු. 8.00 කින් ඉහළ ගොස් ඇති අතර එහි නව මිල රු. 142.00 කි.
ඉන්ධන මිල සූත්‍ර ක්‍රමවේදයට අනුව පසුගිය ඔක්තෝබර් 10 වන දා සිට නව ඉන්ධන මිල ගණන් සඳහන් වන්නේ ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රු. 155.00 ක් හා ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රු. 169.00 බැගිනි.
මේ අනුව සාමාන්‍ය මිල ට වඩා තානාපති වාහනවලට පෙට්‍රල් ලීටරයකින් රු. 27 ක ඉන්ධන සහනයක් හිමිවේ.
Video Story