July, 23, 2019
1975 අංක 14 දරන ශ්‍රී ලංකා තේ මණ්ඩල පනතේ විධිවිධාන අනුව, අපනයනය කරනු ලබන සෑම තේ කිලෝග්‍රෑමයක් සඳහාම රුපියල් 3.50ක බද්දක් ලියාපදිංචි තේ අපනයනකරුවන්ගෙන් අය කරනු ලැබේ.
මේ වන විට තේ අපනයනය මත පනවා ඇති අනෙකුත් ඍජු හා වක්‍ර බදු මෙන්ම ආර්ථික සේවා ගාස්තු හේතුවෙන් තේ නිෂ්පාදන පිරිවැය තවදුරටත් ඉහළ යන බැවින් තේ ප්‍රවර්ධන හා අලෙවි බද්ද කිලෝ ග්‍රෑමයකට රුපියල් 3.00ක් ලෙස සංශෝධනය කිරීම පිණිස වන නියෝග නීති කෙටුම්පත් සම්පාදක මඟින් සකස් කර ගැසට් පත්‍රයේ පළ කිරීමට හා ඉන් අනතුරුව පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කිරීම පිණිස වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
Video Story