දංකොටුව වෙතින් තිළිණ පිරිනැමීමේ සමයට නව වැඩසටහන් සහ විශේෂ දීමනා

    December, 13, 2018

    සුඛෝපභෝගී සහ දර්ශනීය පෝසිලේන් පිඟන්භාණ්ඩ සඳහා ලෝපතළ නමක් දරන දංකොටුව පෝසිලේන් පීඑල්සී තම පාරිභෝගිකයින්ට 2018 වර්ෂයේ නත්තල් සමය සැබැවින්ම සුන්දර හා අසමසම අත්දැකීමක් බවට පත් කිරීමට විශේෂ දීමනා, වට්ටම් සහ ප්‍රවර්ධන වැඩසටහන් ගණනාවක් දියත් කිරීමට සංවිධානය කර තිබේ.

    සමාගම උත්සව සමය වෙනුවෙන් දියත් කරන ලද  විශේෂ වැඩසටහන වන 'මේ තිළිණ පිරිනැමීමේ සමයයි' යන තේමාවට අනුව නොවැම්බර් මස අගභාගයේ සිට දංකොටුව පෝසිලේන්හි සෑම ප්‍රදර්ශනාගාරයක්ම මේ නත්තල් අසිරියට සරිලන අන්දමින් විශේෂයෙන් හැඩ ගැන්වෙනු ඇත.

    විශේෂයෙන්ම කොළඹ 7 ගිල්ෆර්ඩ් ක්‍රෙසන්ට් හි පිහිටා ඇති දංකොටුව පෝසිලේන් ප්‍රධාන ප්‍රදර්ශනාගාරය නත්තලේ සතුට පිළිබිඹු කරමින් අලංකාරවත් ලෙස හැඩගැන්වූ විශාල නත්තල් ගසකින් සැරසෙනු ඇත. තවද සුප්‍රකට ගීතිකා කණ්ඩායම්වල නත්තල් ගීතිකා හඬ මධ්‍යයේ උත්සවාකාරයෙන් සැඳෑව ගතකිරීමට ද ප්‍රදර්ශනාගාරයට පැමිණෙන්නන්ට හැකි වන අතර පැමිණෙන කුඩා දරුවන්ට විවිධ නත්තල් රසකැවිලි භුක්ති විඳීමට හැකි නත්තල් කැවිලි කුටියක්ද හමුවනු ඇත.

    සෑම දංකොටුව ප්‍රදර්ශනාගාරයක්ම උත්සව අසිරියට ගැලපෙන අන්දමින් හැඩගැන්වෙනවා පමණක් නොව උත්සව සමයේදී විශේෂයෙන් ලබා දෙන දීමනා හා ප්‍රවර්ධන වැඩසටහන්වලින් ඵල නෙලාගැනීමට එම සෑම ප්‍රදර්ශනාගාරයකදීම පාරිභෝගිකයින්ට අවස්ථාව සැලසෙනු ඇත. බැංකු කාඩ්පත් සහ ණය කාඩ්පත් සඳහා ලබාදෙන විශේෂ දීමනා, ලෙන්ගතු පාරිභෝගිකයින්ට උත්සව සමයේ ලබාගත හැකි විශේෂ වට්ටම් පමණක් නොව තිළිණ ලෙස ලබාදීම සඳහාම වන අගනා නිපැයුම් පෙලක් ද මේ අතරට ඇතුළත් වේ. දංකොටුව ප්‍රදර්ශනාගාර කාර්යබහුල උත්සව සමයේ තම නෑදෑ හිතවතුන්ට ගැලපෙන ත්‍යාගයක් පහසුවෙන් තෝරාගැනීමට අනගි අවස්ථාවක් වනු ලබාදෙයි.

    තවද, දංකොටුව පෝසිලේන් සමාගමේ දීර්ඝකාලීන හවුල්කරුවන් වන Arpico සහ මෑතකදී අප සමගින් අත්වැල් බැඳගත් Laugfs Supermarkets සමග ද සමාගම තවත් බොහෝ ප්‍රවර්ධන වැඩසටහන් දියත් කරනු ඇත. එසේම, Arpico හි සුප්‍රකට නත්තල් හැම්පරයට දංකොටුව පෝසිලේන් නිෂ්පාදන ඇතුළත් කරමින් ද Arpico හි විශේෂ නත්තල් ප්‍රචාරණ වැඩසටහනේ ඔවුන් විසින් තෝරාගත් භාණ්ඩ ලැයිස්තුවට දංකොටුව නාමය ඇතුළත් කිරීමෙන් ද නැවත වරක් දංකොටුව පෝසිලේන් වෙත ගෞරවාදරය පෙන්නුම් කිරීමට Arpico විසින් කටයුතු කර තිබේ.

    දෙසැම්බර් 7වැනි දින දංකොටුව පෝසිලේන් ප්‍රධාන ප්‍රදර්ශනාගාරයේදී සාම්ප්‍රදායික නත්තල් ගසේ පහන් දැල්වීමත් සමගින් නත්තල් උත්සවය වෙනුවෙන් සංවිධානය කරන මෙම ක්‍රියාකාරකම්වල මුදුන්පත්වීම සනිටුහන් කෙරිණි.

    'මෙවර නත්තලේදී සෑම කෙනෙකුටම ගැලපෙන ආකාරයේ භාණ්ඩ රැසක් දංකොටුව පෝසිලේන් වෙතින් ලබාගැනීමට හැකිවේවි' යනුවෙන් මේ පිළිබඳ අදහස් දැක්වූ දංකොටුව පෝසිලේන් පීඑල්සී හි ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය සජීව නාරංගොඩ පැවසීය. ‘නත්තල් සමයේදී පාරිභෝගිකයන්ට පරිපූර්ණ සාප්පු සවාරි අත්දැකීමක් ලබා දීම  අපගේ වෑයමයි. මේ සඳහා අප බොහෝ විනෝදමත් වැඩසටහන් සංවිධානය කර තිබෙනවා. අප මේ වෙනුවෙන්ම නිර්මාණය කළ විශාල නත්තල් ගසේ පහන් දැල්වීමේ උත්සවය මෙහි මුල්තැන ගන්නවා. බැංකු, වෙළඳ ආයතන යනාදිය සමගින් හවුල් වී අප පාරිභෝගිකයින් වෙත ලබාදෙන අගනා දීමනා රැසට අමතරව වැඩිහිටියන්ට හා දරුවන්ට එක සේ විනෝද වියහැකි විවිධ උත්සවාකාර සහ විනෝදජනක වැඩසටහන් ගණනාවක් අප සංවිධානය කර තිබෙනවා. අපගේ වටිනා පාරිභෝගික භවතුන්ට මේ උත්සව සමයේ නත්තල් අසිරිය අත්විඳින්නට අප හා එක්වන්නැයි මම ගෞරවයෙන් ආරාධනා කරනවා.'