දවස් අටට සංචාරකයෝ හැටදහසක්

    February, 12, 2024

    2024 පෙබරවාරි මාසයේ මුල් දින 08 තුළ මෙරටට පැමිණ ඇති විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 60,122 ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නිවේදනය කර සිටී.

    මේ වසරේ මේ දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 268,375 ක් ලෙසින් සටහන්ව ඇත.

    2023 වසරේ සමස්ත සංචාරක පැමිණීම පහළොස් ලක්ෂයේ සීමාවට ආසන්න වූ අතර එය 1,487,303 ක් වේ.