දැවැන්තයා පැමිණෙයි

    October, 6, 2021

    ලොව විශාලතම බහාලුම් ප්‍රවාහන නෞකාව වන “Ever Ace” ‌ඊයේ (05) රාත්‍රියේ දී කොළඹ වරායට සේන්දු විය.

    කොළඹ වරාය ද ඇතුළුව, මෙම නෞකාවට ගමන් කළ හැක්කේ ලෝකයේම වරායන් 24කට පමණක්වීම විශේෂත්වයකි. එසේම දකුණු ආසියානු කලාපය තුළ මෙම නෞකාවට සේවා සැපයිය හැකි එකම වරාය වන්නේ ද කොළඹ වරාය යි.

    Evergreen සමාගමට අයත් මෙම Ever Ace නෞකාව TEU 24,000 කාණ්ඩයේ ලොව පළමු වැනි ‌බහාලුම් ප්‍රවාහන නෞකාව වේ. එනම් අඩි 20 දිගින් යුතු බහාලුම් 24,000 ක් එකවර ප්‍රවාහනය කළ හැකි නෞකා කාණ්ඩයයි. මෙම නෞකාවේ එවැනි බහාලුම් 23,992 ක ප්‍රමාණයක් ප්‍රවාහනය කළ හැකිය.

    මීටර 400 ක දිගින් හා මීටර 61.5 ක පළලකින් යුතු Ever Ace නෞකාව කොරියාවේ Samsung Heavy Industries විසින් තනන ලද්දකි.