දැවැන්ත වතු සමාගම් දෙකක අයිතිය බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් යටතට – ආයෝජනය රු. බිලියන 1.9 ක්

    December, 23, 2021

    තේ වැවිලි කර්මාන්තයේ නිරත මෙරට ප්‍රමුඛතම වැවිලි සමාගම් දෙකක් වන උඩපුස්සැල්ලාව ප්ලාන්ටේෂන්ස් පීඑල්සී හා හපුගස්තැන්න ප්ලාන්ටේෂන්ස් පීඑල්සී යන සමාගම් දෙකෙහි 90% බැගින් වන කොටස් හිමිකාරීත්වය අත්පත් කර ගැනීම සඳහා ගිවිසුමකට එළඹි බව බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී නිවේදනය කර සිටී.

    අද (23) දින කොළඹ කොටස් ‌වෙළෙඳපොළ වෙත නිවේදනයක් නිකුත් කරමින් බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පවසන්නේ මේ සඳහා ආයෝජනය කරනු ලබන මුදල ආසන්න වශයෙන් රු. බිලියන 1.9 ක් බවයි.

    මෙම සමාගම් දෙකෙහිම 90% බැගින් වූ කොටස් හිමිකාරීත්වය මෙරට පැරණිතම සමාගමක් වන ‌ජේම්ස් ෆින්ලේ ලිමිටඩ් සතුව පවතී.