දින තුනකට පසු කොටස් වෙළඳපොළ ඉහළට

    September, 16, 2025

    දින තුනකට පසු කොටස් වෙළඳපොළ මිල දර්ශක වල යළි ඉහළ යාමක් අද(16) දක්නට ලැබුණි.

    ඒ අනුව අද සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 263.98 කින් ඉහළ ගොස් දිනයේ ගනුදෙනු අවසානයේ දී ඒකක 20,619.37ක් ලෙසින් සටහන් වූ අතර S&P SL20 දර්ශකය ඒකක 69.27 කින් ඉහළ ගොස් ඒකක 5,868.11ක් ලෙසින් සටහන් විය.

    අද සමාගම් 185ක කොටස් මිල ගණන් ඉහළ ගිය අතර කොමර්ෂල් බැංකුව, සම්පත් බැංකුව, HNB, එයිට්කන් ස්පෙන්ස් සහ DFCC බැංකුව යන සමාගම් සියළු කොටස් මිල දර්ශකයට ඉහළ ධනාත්මක දායකත්වයක් ලබා දී තිබුණි.

    අද ගනුදෙනු පිරිවැටුමෙහි අගය වාර්තා වූයේ රු. බිලියන 6.21 ක් ලෙසයි.

    Video Story

    Stock Market

    Exchange Rates