දින 10ක දී සංචාරකයින් 52,246ක් දිවයිනට

    September, 12, 2025

    සැප්තැම්බර් මාසයේ පළමු දින 10 තුළ දී 52,246ක සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

    ඔවුන් සිය නවතම දත්ත වාර්තාවන් නිකුත් කරමින් පෙනවා දෙන්නනේ එම නව සංචාරක පැමිණීම් දත්ත සමග 2025 වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 1,618,769ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.

    සැප්තැම්බර් මාසයේ පළමු දින 10 තුළ 5,940ක වැඩිම සංචාරක පැමිණීමක් සැප්තැම්බර් 04 වන දින වාර්තා වී ඇති අතර 14,300ක වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇති රට ලෙස අඛණ්ඩව ඉන්දියාව වාර්තා වී ඇත.

    මීට අමතරව එක්සත් රාජධානියෙන් 4,092ක්, ජර්මනියෙන් 3,488ක් සහ චීනයෙන් 2,796ක් ලෙස වැඩි වශයෙන් සංචාරකයින් මෙරටට පැමිණ ඇති බව වාර්තා වෙයි.

    Video Story

    Stock Market

    Exchange Rates