June, 21, 2023
අද (21) දින පැවති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී ඵලදා අනුපාතිකයන් හි සුවිශේෂී පහළ යාමක් වාර්තා වී තිබේ.
මෙහිදී කැපීපෙනෙන කරුණ නම් 2022 අප්‍රේල් 08 දින පැවති වෙන්දේසියෙන් පසු දින 182 හා දින 364 භාණ්ඩාගාර බිල්පත් සඳහා වාර්තා වී තිබෙන අඩුම ඵලදා අනුපාතිකයන් මෙවර වෙන්දේසියේ දී තීරණය වී තිබීමයි.
ඒ අනුව දින 182 බිල්පත් ඵලදා අනුපාතිකය 20% මට්ටමෙන් පහළට පැමිණ 19.49% ක් ලෙසත්, දින 364 බිල්පත් පොලී අනුපාතිකය 17% මට්ටමෙන් පහළට පැමිණ 16.99% ක් දක්වාත් අඩු වී තිබේ.
දින 91 බිල්පත් ඵලදා අනුපාතිකය 23% ක් ලෙසින් තීරණය වී ඇත.
මෙම වෙන්දේසිය සඳහා රු. මිලියන 110,000 ක භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණයක් ඉදිරිපත් කර තිබුණු අතර ඒ සඳහ රු. මිලියන 218,568 ක ලංසු ලැබී තිබුණි.
වෙන්දේසිය සඳහා ඉදිරිපත් කළ ප්‍රමාණයට සමපාත වන අයුරින් රු. මිලියන 110,000 ක ලංසු පිළිගැනීමට, ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව මෙහිදී කටයුතු කරන ලදී.
Video Story