දින 5කට පසු කොටස් වෙළෙඳපොළේ පසුබැස්මක්

    October, 24, 2025

    අඛණ්‍ඩ දින 05ක ඉහළ යාමකින් පසු කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශක වල පහළ යාමක් අද (24) දක්නට ලැබුණි.

    එහි දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 38.43 කින් පහළ ගොස් ඒකක 22,812.52ක් ලෙසින් සටහන් වූ අතර S&P SL20 මිල දර්ශකය ඒකක 2.56කින් පහළ ගොස් ඒකක 6,266.31ක් ලෙසින් සටහන් විය.

    අද සමාගම් 83ක පමණක් කොටස් මිල ගණන් ඉහළ ගිය අතර සමාගම් 145කින් සියලු කොටස් මිල දර්ශකයේ හැසිරීමට ලැබී තිබුණේ සෘණාත්මක දායකත්වයි.

    අද ගනුදෙනු පිරිවැටුම දැක්වුනේ රුපියල් බිලියන 6.21ක් ලෙසයි.

    එහිදී දේශීය මිල දී ගැනීම් රු. බිලියන 6.08ක් හා දේශීය විකිණුම් රු. බිලියන 6.11 ක් ලෙසින් සටහන් වී තිබුණි.

    මේ අතර විදේශීය මිල දී ගැනීම් රු. මිලියන 127ක් හා විදේශීය විකිණුම් රු. මිලියන 101ක් ලෙසින් දිනය තුළ සටහන්ව ඇත.

    Video Story

    Stock Market

    Exchange Rates