January, 10, 2022
කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (10) දිනයේ දී පහළ යන ලදී.
මෙලෙස කොටස් වෙළෙඳපොළ මිල දර්ශක පහළ යන ලද්දේ අඛණ්ඩ ගනුදෙනු දින 7කට පසුව වීම විශේෂත්වයකි.
අද දින සියලු කොටස් මිල දර්ශකය ඒකක 163.87 කින් පහළ ගිය අතර දිනයේ ගනුදෙනු අවසානයේ දී එය ඒකක 13,117.07 ක් ලෙසින් සටහන් විය. මීට අමතරව S&P SL20 දර්ශකය ඒකක 23.54 කින් පහළ ගොස් ඒකක 4,531.45 ක් ලෙසින් සටහන්ව තිබුණි.
රු. බිලියන 8.81 ක ගනුදෙනු පිරිවැටුමක් අද දින වාර්තා විය.
LOLC, එක්ස්පෝලංකා, බ්රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් සහ වැලිබල් වන් ඇතුළු සමාගම් 166 ක කොටස් මිල ගණන් පූර්ව ගනුදෙනු දිනයට සාපේක්ෂව අද දින පහළ ගිය අතර සමාගම් 74 ක පමණක් කොටස් මිල ගණන්වල ඉහළ යාමක් වාර්තා වී තිබුණි.
Video Story