දියගම තාක්ෂණ විද්‍යා ආයතනයේ පරිපාලනය ව්‍යාකූලයි – අධ්‍යක්ෂවරයා වෙනුවට ඇමතිගෙන් නිසි බලධරයෙක්

    July, 8, 2020

    හෝමාගම දියගම පිහිටි මොරටුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ විද්‍යා ආයතනයේ, පරිපාලන කටයුතු බරපතල ලෙස ව්‍යාකූල වී ඇති බව සහ එය සාමාන්‍ය තත්ත්වයට නැවත පත් කිරීමට එම ආයතනයේ බලධාරීන් අපොහොසත් වී ඇති බව උසස් අධ්‍යාපන, තාක්ෂණ සහ නවෝත්පාදන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

    ඒ අනුව එකී පනත යටතේ හෝ ඒ යටතේ සාදන ලද යම් නියමයක්, නියමාවලියක්, ප්‍රඥප්තියක්, අතුරු ව්‍යවස්ථාවක්, නියෝගයක් හෝ රීතියක් යටතේ මොරටුව විශ්වවිද්‍යාලයේ, තාක්ෂණ විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ වෙත පිරිනමන ලද, පනවන ලද හෝ පවරන ලද පිළිවෙලින් යම් බලතල, කාර්ය හෝ කර්තව්‍ය ක්‍රියාත්මක කිරීමේ, ඉටු කිරීමේ හෝ කිරීමේ කාර්යය සඳහා එකී මොරටුව විශ්වවිද්‍යාලයේ, තාක්ෂණ විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ වෙනුවට නිසි බලධරයා වශයෙන් මහාචාර්ය එස්.එම්. නානායක්කාර 2020 ජූලි මස 01 දින සිට බලපැවැත්වෙන පරිදි පත් කිරීමට අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පියවර ගෙන ඇත.

    මීට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය පහතින් දැක්වේ.