දිවයින පුරා පැරසිටමෝල් හිඟයක්. හේතුව මෙන්න

    March, 2, 2022

    මේ වන විට රට පුරා පැරසිටමෝල් ඖෂධ වර්ගයේ හිඟයක් පවතින බව වාර්තා වේ.

    මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්තකරුවන්ගේ සංසදයේ හිටපු සභාපති ඒ.ජේ. බස්නායක මහතා පැවසුවේ මෙරට අවසර දී ඇති මිල ට පැරසිටමෝල් අලෙවි කිරීමට කිසිදු නිෂ්පාදකයෙකුට නොහැකි වී ඇති බවයි.

    මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්තකරුවන්ගේ සංසදයේ හිටපු සභාපති ඒ.ජේ. බස්නායක මහතා,

    අද වන විට ලංකාවේ පැරසිටමෝල් හිඟයක් තියෙනවා. මෙය හුදෙක් ලෝකයේ පැරසිටමෝල් නැති ප්‍රශ්නයක් නෙමෙයි.

    ඉන්දියාවේ, චීනයේ පැරසිටමෝල් ඕනතරම් තියෙනවා. අපේ ලංකාවේ නැහැ. ඇයි ඒ?

    අපිට ලංකාවේ පැරසිටමෝල්වලට දීලා තියෙන මිල අනුය අපිට පැරසිටමෝල් මේ රටට ලබාදෙන්න කිසිම නිෂ්පාදකයෙක්ට බැහැ.

    මේ ප්‍රශ්නයම තවත් ඖෂධ වර්ග විශාල ප්‍රමාණයකට සිදුවෙන්න පුළුවන්.

    අපිට අන්තිමටම මිල වැඩිවීමක් වුණේ ඩොලරය රු. 194 ක්ව තිබුණු අවස්ථාවේ. දැන් එතන ඉඳන් ඩොලර් එකේ මිල පාලනය වෙලා තියෙන තත්ත්වයක් යටතේරු. 203 දක්වා වැඩිවෙලා තියෙනවා. නමුත් 203 ට ඩොලර් ගන්න කොහෙද තියෙන්නේ?