දිවයින පුරා ස්මාට් සමාජ කව 870ක්

    January, 24, 2019

    ස්මාට් සමාජ කව (SMART SOCIAL CIRCLE)   870 ක් මේ වන විට සමස්ත දිවයිනම ආවරණය වන පරිදි  ස්ථාපිත කර අවසන් බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) පවසයි.

    බස්නාහිර පළාත  141  දකුණු පළාත  133  ඌව පළාත 73 නැගෙනහිර පළාත  61  මධ්‍යම පළාත  127  උතුරු පළාත  65  උතුරුමැද පළාත  70 වයඹ පළාත  135  සබරගමුව පළාත  65 ක් වශයෙන් මෙම ස්මාට් සමාජ කව ස්ථාපිත කර තිබේ.

    ග්‍රාමීය ප්‍රජාව තොරතුරු සන්නිවේදන තාක්ෂණයෙන් සවිබල ගන්වා ඒ ඔස්සේ ඔවුන්ගේ ජීවන මට්ටම ඉහළ නැංවීම ස්මාට් සමාජ කවයන් හි ප්‍රධාන අරමුණ වේ.

    ග්‍රාමීය ප්‍රජාව බාහිර ලෝකය සමග සම්බන්ධ කිරීම ,ගමේ නිෂ්පාදන සදහා වෙළෙද පොලක් සකස් කර ගැනීම ,ග‍්‍රාමීය ජනතාවගේ සාමාජීය ගැටලු සදහා විසදුම් සොයා ගැනීම ආදී දෑ පිලිබදව තොරතුරු සන්නිවේදනය කර ගැනීමට මෙම සමාජ කව ඔස්සේ සිදුකෙරේ.

    මෙම කටයුතු බිම් මට්ටමින් සාර්තක කර ගැනීම සදහා දැනුම් නියෝජිතයින් අටදහස් හයසියයක පමණ පිරිසක් මේ වන විට   පුහුණු කර අවසන් බවද  වැඩසටහන් කළමණාකරු සමීර ජයවර්ධන මහතා පවසයි

    ග්‍රාමීය ප්‍රජාව සැලකිය යුතු පිරිසක් තමන්ගේ ජීවන තත්වය ඉහල නංවා ගැනීමට මෙන්ම තමන් වාසය කරන ප්‍රදේශ වල යටිතල පහසුකම් වැඩි දියුණු කර ගැනීමට ස්මාට් සමාජ කව දායක වු බව ලැබෙන  ජනතා ප්‍රතිචාර මගින් හැගීයන බව පවසන  නියෝජිතායතනයේ ව්‍යාපෘති කළමණාකරු මනෝජ් හේමරත්න මහතා පවසයි.

    Video Story

    Stock Market

    Exchange Rates