මුද්‍රණ දෙපාර්තමේන්තුවෙන් දුම්රිය ටිකට්පත් මුද්‍රණයට අවධානය

    September, 24, 2020

    දුම්රිය ප්‍රවේශ පත්‍ර මුද්‍රණය ශ්‍රී ලංකාව තුළම සිදුකිරීම සඳහා අවධානය යොමු කර ඇති බව ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසයි. අද (24) පෙරවරුවේ පාර්ලිමේන්තුවේ දී සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතාන මහතා විසින් යොමුකළ වාචික ප්‍රශ්නයකට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා මේ බව අනාවරණය කළේය.

    පා.ම. හේෂා විතාන - දුම්රිය ප්‍රවේශ පත්‍ර මුද්‍රණයට විශාල මුදලක් වැය කරනවා. මේ සඳහා යම්කිසි වැඩපිළිවෙලක් තිබෙනවා ද?

    ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ - අපි දැනටමත් මුද්‍රණ දෙපාර්තමේන්තුවටත්, මුද්‍රණ සංස්ථාවටත් ආරාධනය කරලා තියෙනවා අපේ දුම්රිය දෙපාර්තමේන්තුවත් එක්ක වාඩිවෙලා සාකච්ඡා කරන්න, මේ ටිකට්පත් ලංකාවේ මුද්‍රණය කරන්න පුළුවන්ද කියලා බලලා, නිර්දේශ කරන්න කියලා.