දුම්රිය භාණ්ඩ ප්‍රවාහනය වැඩිදියුණු කිරීම සඳහා ක්‍රියාකාරී වැඩපිළිවෙලකට නිර්දේශ

    February, 16, 2021

    ශ්‍රී ලංකාව තුළ දුම්රියෙන් සිදුකරන භාණ්ඩ ප්‍රවාහන කටයුතු වඩාත් විධිමත් කොට ප්‍රවර්ධනය සදහා ක්‍රියාකාරී වැඩපිළිවෙලක් කඩිනමින් සකසන ලෙස රජයේ ගිණුම් පිළිබද කාරක සභාව ( කෝපා කමිටුව ) පාර්ලිමේන්තුවේදි ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම්වරයාට නිර්දේශ කළේය.

    මාර්ග තදබදය ,පරිසර දූෂණය වැනි ගැටලු සලකා බැලීමේදී විශාල කන්ටේනර් රථ මාර්ගයට ප්රවිශ්ට වීම අවම කිරීමට දුම්රිය සේවයෙන් භාණ්ඩ ප්රවාහනය විධිමත් කිරීම අතිශය වැදගත් බව කමිටුව අවධාරණය කළේය.
    දුම්රිය සේවය ආරම්භ වූ 1867 වසරේ සිට 1934 වසර දක්වා දෙපාර්තමේන්තුවේ සමස්ත ආදායමෙන් භාණ්ඩ ප්රවාහන ආදායම 57% බවත් එය 2017 වසරේදී 9.3% දක්වාද 2018 වසරේදී 8.5% දක්වාද 2019 වසරේදී 7.1% දක්වාද අඩුවී ඇතිබව මෙහිදී අනාවරණය විය. ඒඅනුව මේවන විට භාණ්ඩ ප්රවාහනය දෙපාර්තමේන්තුවේ කාර්යභාරයෙන් ඈත්වී ඇති බවත් එය දෙපාර්තමේන්තුව පාඩු ලැබීමට ප්රධාන හේතුවක් ලෙස හදුනාගෙන ඇති බවත් මෙහිදී හෙළි විය.
    රාජ්ය අමාත්ය දයාසිරි ජයසේකර මහතාගේ ප්රධානත්වයෙන් පැවති මෙම රැස්වීමේදී භාණ්ඩ ප්රවාහනය සදහා දුම්රිය සේවය භාවිතා කිරීම ඇගයීම සදහා වූ විශේෂ විගණන වාර්තාව සලකා බලන ලදී. රාජ්ය අමාත්යවරුන් වන ලසන්ත අලගියවන්න , දුමින්ද දිසානායක, පාර්ලිමේන්තු මන්ත්රීවරුන් වන තිස්ස අත්තනායක,මහාචාර්ය රංජිත් බණ්ඩාර, වෛද්ය උපුල් ගලප්පත්ති, බී.වයි.ජී රත්නසේකර,නිරෝෂන් පෙරේරා,වීරසිංහ වීරසුමන,ආචාර්ය හරිනි අමසූරිය යන මහත්ම මහත්මීහූද රාජ්ය නිලධාරීහු රැසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
    දුම්රිය සේවය අවම වශයෙන් මහාභාණ්ඩාගාරයට විශාල බරක් නොවී මෙම අලාභය අවම කරගැනීමට කටයුතු කිරීමේ වැදගත්කම මෙහිදී සාකච්ඡා විය.තවද දුම්රිය සේවය මේවන විට ප්රධාන වශයෙන් මගී ප්රවාහනය සිදුකරන බවත් භාණ්ඩ ප්රවාහනය සදහා දැනට පවතින යටිතල පහසුකම් තවදුරටත් දියුණු කළ යුතු බවත් මෙහිදී දුම්රිය සාමාන්යාධිකාරි ඩිලන්ත ප්රනාන්දු මහතා පැවසීය.
    දුම්රියෙන් සිමෙන්ති කර්මාන්තය ආශ්රිත ප්රවාහන කටයුතු සදහා ප්රධාන සිමෙන්ති සමාගමක් සමග ගිවිසුම් තුනක් පැවතියද දුම්රිය දෙපාර්තමේන්තුවේ යටිතල පහසුකම් සංවර්ධනය නොවීමෙන් මේවනවිට අරුවක්කාරු සිට පුත්තලම දක්වා හුණුගල් ප්රවාහනය කරන ගිවිසුම පමණක් ක්රියාත්මක වන බවත් අනාවරණය විය.
    ප්රධාන දුම්රිය ගනුදෙනුකරුවන් පසුගිය කාළය තුළ අහිමිව ඇති බවත් ඒ අනුව අදාළ පාර්ශවකරුවන් සමග සාකච්ඡාකොට ඔවුන්ගේ අවශ්යතාද සළකාබලා ඔවුන්ව නැවත සම්බන්ධකරගැනීමටත් පවතින ගණුදෙනුකරුවන් රදවා ගැනීමටත් කටයුතු කරන ලෙස කමිටුව උපදෙස් ලබා දුන්නේය. එසේම භාණ්ඩ ප්රවාහන ගාස්තු පිළිබද විද්යාත්මක නිසි වැඩපිළිවෙලක් නොමැති වීම පිළිබදවද අවධානය යොමුකළ කමිටුව ඒසදහා විධිමත් වැඩපිළිවෙලක් සකස් කරන ලෙස ද නිර්දේශ කළේය.
    එසේම ඉඩම් , වෙනත් උපකරණ ඇතුළු භාවිතයට නොගන්නා සම්පත් විශාල ප්රමාණයක් සහ තැන තැන දිරාපත්වන අබලි ද්රව්ය විශාල ප්රමාණයක් දුම්රිය දෙපාර්තමේන්තුව සතුවන බවත් ඒවා මේවන තෙක් නිසි ලෙස හදුනාගෙන ආයතනයේ අභිවෘද්ධිය සදහා යොදා නොගැනීම බලවත් කනගාටුවට කරුණක් බවත් කමිටුවේදී දීර්ඝ ලෙස සාකච්ඡාවූ අතර ඒ පිළිබද සොයා බලා වාර්තාවක් කඩිනමින් ලබා දෙන ලෙස ප්රවාහන අමාත්යාංශ ලේකම්වරයාට උපදෙස් ලබා දුන්නේය.
    ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම මගින් ඉන්ධන ප්රවාහනයෙන් 32%ක ප්රමාණයක් මේවන විට දුම්රියෙන් සිදුවන බවත් ඉදිරියේදී එය 40%ක් දක්වා වර්ධනය කිරීමට බලාපොරොත්තුවන බවත් මෙහිදී අනාවරණ වූ අතර එය 40% දක්වා වැඩි කිරීම සදහා වර්ජන ආදි බාධාවලින් තොරව මෙය සිදු කරන බවට දුම්රිය දෙපාර්තමේන්තුව සමග ගිවිසුම්ගතවීමේ අවශ්යතාව ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම පෙන්වා දෙන ලදී.