දේශපාලන අස්ථාවරත්වයෙන් ලංකාවේ ව්‍යාපාරික ක්ෂේත්‍රය ලෙඩවෙලා -BBC

    April, 23, 2015

    වත්මන් රජයේ ආයෝජන ප්‍රතිපත්තිය පැහැදිලි නොමැති නිසා විදෙස් ආයෝජකයින් මේ වනවිට මෙරට ආයෝජන කටයුතු සිදුකිරීම පමාකර තිබෙන බවත් ලංකාවේ ඇතිවී තිබෙන දේශපාලන අස්ථාවරත්වය ව්‍යාපාරික ක්ෂේත්‍රයට අහිතකර ලෙස බලපා තිබෙන බවත් බී.බී.සී. පුවත් සේවය වාර්තා කරයි.

    මාධ්‍යවේදී ඩේවිඩ් රීඩ් කොළඹ සිට වාර්තා කර තිබෙන්නේ ශ්‍රී ලංකාවේ යෝජිත ප්‍රතිසංස්කරණ සිදුවන තුරු ආයෝජකයින් බලා සිටින බවයි.

    මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ප්‍රධානීත්වය දරණ රජය ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකිරීමේ අභියෝගයකට මුහුණ දී සිටින බවත් බොහෝ ආයෝජකයින් ලංකාවේ ආයෝජන කටයුතු කිරීමට කැමැත්තක් දැක්වුවත් ඔවුන් මේ වනවිට සිය ආයෝජන පමා කරමින් සිදුවන්නේ කුමක්දැයි විමසිලිමත්වී සිටින බවත් මෙම වාර්තාවේ සඳහන්ය.

    මෙරට ආයෝජන කටයුතු කිරීමට කැමැත්තක් දක්වන බහු ජාතික සමාගම් සමාන ව්‍යාපාරික අවස්ථාවන් බලාපොරොත්තු වන බවත් ඊළඟ අදියරේ වර්ධනය ඇතිකළ හැක්කේ පුද්ගලික අංශයේ සහ විදේශීය සෘජු ආයෝජන වැඩිකිරීමෙන් බවත් මෙම වාර්තාවේ දැක්වේ.

    බී.බී.සී. පුවත් සේවයට අදහස් දක්වා තිබෙන මහා මාර්ග සහ ආයෝජන ප්‍රවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා අවධාරණය කර තිබෙන්නේ තරගකාරී ලංසු ක්‍රමයක් සහ විනිදභාවයක් ඇතිකිරීම ඇතුළු ක්‍රියා මාර්ග තුළින් ලංකාව කෙරෙහි ආයෝජන විශ්වාසය වර්ධනය කිරීමට හැකිවනු ඇතැයි විශ්වාස කරන බවයි.

    මාධ්‍යවේදී ඩේවිඩ් රීඩ් කොළඹ සිට ඉදිරිපත් කරන සම්පූර්ණ වාර්තාව මෙන්න