April, 27, 2023
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගිවිසුමේ කොන්දේසි සමඟ සමගි ජන බලවේගය විරුද්ධ බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි. අද (27) දින පාර්ලිමේන්තුවේ දී ඔහු මේ බව කියා සිටියේය.
“මේ ගිවිසුමේ කොන්දේසිවලට අපි විරුද්ධයි. එකක් දේශීය ණය ප්‍රතිව්‍යූහගතකරණය කිරීම, අනෙක් එක අර්ථ සාධක අරමුදල තත්ත්වය. දේශීය ණය ප්‍රතිව්‍යූහගතකරණය කළොත්, වත්කම්වල වටිනාකම 30%කින් අඩුවෙනවා. EPF එක ප්‍රතිව්‍යූහගතකරණය කළහොත් EPF වටිනාකම 30%කින් අඩුවෙනවා. මේක දරාගන්න බැහැ“, යනුවෙන් මන්ත්‍රීවරයා කියා සිටියේය.
Video Story