ධම්මිකගේ Vallibel One කොටස් විකිණීමකින් ගොඩ

    August, 12, 2014

    වැලිබල් වන් සමාගම විසින් තමන් සතුව ඔරිට් ඇපරල්ස් ලංකා සමාගමේ තිබූ සියයට 50 ක කොටස් විකුණා රුපියල් මිලියන 137.9 ක ශුද්ධ ප්‍රාග්ධන ලාභයක් (net capital gain) ලැබීමට සමත්ව තිබේ.

    මේ අනුව, වැලිබල් වන් පවසා තිබෙන්නේ සමාගමට අනුබද්ධව තිබුණු ඔරිට් ඇපරල්ස් ලංකා සමාගමේ කොටසක් රුපියල් 40.27 කට විකුණා දැමූ බවයි.

    මෙම කොටස් මිලදීගැනීම කර තිබෙන්නේ ඔරිට් ඇපරල්ස් ලංකා සමාගමේ සභාපතිවරයා වන චන්න ප්‍රබෝධ පලන්සූරිය මහතා වන අතර ඔහු සතුව මෙම සමාගමේ ඉතිරි සියයට 50 ක කොටස් ප්‍රමාණය තිබුණි.

    වැලිබල් වන් සමාගම පාලනය කරන්නේ මෙරට ධනවත්ම පුද්ගලයා ලෙසින් සැලකෙන ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතායි.